Wednesday, November 11, 2026
HomeNEWS''කර්මාන්ත අංශ 19කට අදාළව මුදල් අමාත්‍යාංශය - මහ බැංකුව - රේගුව...

”කර්මාන්ත අංශ 19කට අදාළව මුදල් අමාත්‍යාංශය – මහ බැංකුව – රේගුව සමඟ සාකච්ඡාකර කඩිනමින් විසඳුම් දෙනවා”කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ.

මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති සියලු ගැටලු හඳුනාගත් බවත් එම හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ (29) කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අංශ 19ක උපදේශක කමිටු සභාපතිවරු හා අදාළ කර්මාන්ත අංශ නියෝජනය කරමින් පැමිණි කර්මාන්තකරුවන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී ඒ මහතා මෙසේ පැවසීය.

මෙම සාකච්ඡාව අරඹමින් කර්මාන්ත අමාත්‍යාංශය පෙන්වා දුන්නේ කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා බාධාවක්ව පැවති ආනයන සීමා විශාල ප්‍රමාණයක් පසුගිය ජූනි 11 වැනිදා ගැසට් නිවේදනය මගින් ලිහිල් කර ඇති බවත් තවදුරටත් ආනයන සීමා පවතින, කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය, අමුද්‍රව්‍ය පිළිබඳ සමාලෝචනයක් සිදුකර ඒවා ගෙන්වීමට අනුමැතිය ලබාදීමට මහ බැංකුව එකඟ වී ඇති බවත් ය.

ඩොලර් ගනුදෙනුවලදී බැංකු මගින් සිදුවන ප්‍රමාද දෝෂ, ඩොලර් නිකුත් නොකිරීම ආදී ඩොලර් හා බැඳුණු ගැටලු රැසක් මෙහිදී බොහෝ අංශ නියෝජනය කරන කර්මාන්තකරුවෝ ඉදිරිපත් කළහ. එමෙන්ම රේගුව හරහා භාණ්ඩ ගෙන්වීමේදී මතුවන ගැටලු රැසක් ද මෙහි දී කර්මාන්තකරුවෝ පෙන්වා දුන්හ.

මෙහි දී හඳුනාගත් ගැටලු විසඳා දීම සඳහා මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හා රේගුව යන පාර්ශ්වවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කඩිනමින් රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් අතර එම රැස්වීම සඳහා Zoom තාක්ෂණය ඔස්සේ මෙම කර්මාන්ත අංශ 19 හි නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට ද තීරණය කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, අතිරේක ලේකම් එස්. එල්. නසීර් යන මහත්වරු ද අගය එකතු කළ තේ නිෂ්පාදන අංශය, සැකසූ ආහාර නිෂ්පාදන අංශය, කොහු ආශ්‍රිත නිෂ්පාදන අංශය, කුළුබඩු අංශය, ඇසුරුම් ද්‍රව්‍ය කර්මාන්ත අංශය, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශය, ප්ලාස්ටික් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන අංශය, මෝටර් රථ එකලස් කිරීමේ අංශය, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ අංශය, බෝට්ටු සෑදීමේ සහ එයට අනුබද්ධ කර්මාන්ත අංශය, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන අංශය, සෙරමික්, පෝසිලේන්, ටයිල් හා ග්‍රැනයිට් නිෂ්පාදන අංශය, තීන්ත හා තීන්ත ආශ්‍රිත නිෂ්පාදන අංශය, විදුලි හා විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදන අංශය, රූපලාවන්‍ය නිෂ්පාදන අංශය, ඖෂධ නිෂ්පාදන අංශය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අංශය, සම් නිෂ්පාදන අංශය, ලෝහ ආශ්‍රිත නිෂ්පාදන අංශය යන කර්මාන්ත අංශ 19 හි උපදේශක කමිටු සභාපතිවරු හා ඒවා නියෝජනය කරන කර්මාන්තකරුවෝ ද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img