Wednesday, November 11, 2026
HomeNEWSලෝක ළමා දිනය අදයි

ලෝක ළමා දිනය අදයි

ලෝක ළමා දිනය අද ට (01)  යෙදී තිබේ.

“සියල්ලට ම පෙර දරුවන්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර ලෝක ළමා දිනය සැමරීමට නියමිතය.

අද සිට ලබන 31 වනදා දක්වා දිවයින පුරා  ළමා සුබසාධන වැඩසහන් රැසක් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.

මේ අතර  සමාජානුයෝජන ක්‍රියාවලියේදී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ  සැරිසැරීමට ඉඩ හරිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ලෝක ළමා දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

වර්මානයේ ලෝකය මුහු‍ණ දී ඇති වසංගත තත්ත්වය හමුවේ දරු පරපුරට පාසල් පංති කාමරය, ක්‍රීඩා පිටිය, දුරස්ථව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් 25ක් සංවිධානය කර ඇති බව ජාතික ළමා රක්ෂිණ අධිකාරියේ  සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

මේ අතර ළමුන් අන්තර්ජාලය මගින් අපයෝජනය වීම වර්තමානයේ පවතින විශාල ගැටලුවක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේය.

ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img