ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා දිවයිනට පැමිණ තිබේ.
සිව්දින නිල සංචාරයක් සඳහා ඒ මහතා මෙරටට පැමිණ ඇත.
ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට සිටින කාලය තුළදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතය.
එසේම මෙරට විදේශ ලේකම්වරයා සමඟද ඔහු ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.






















