පොහොර නොමැතිවීම හේතුවෙන් එළඹෙන කන්නයේ වගා කටයුතුවලින් ඉවත් වන බවට ප්‍රදේශ කිහිපයකම වී සහ එළවළු ගොවීන් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
අම්පාර බඩ ඉරිඟු ගොවීන්ද පවසන්නේ පොහොර ගැටලුව හේතුවෙන් තමන්ට වගාව අත්හැර දැමීමට සිදුව ඇති බවය.
අම්පාර දිස්ත්‍රික්කයේ දමන, දේවාලහිඳ සහ කෙසෙල්වත්ත ඇතුළු ගම්මාන රැසක ගොවීන් මහ කන්නයේ බඩඉරිඟු වගාවේ නිරතව සිටී.
ප්‍රදේශයේ අක්කර 1,500ක පමණ භූමි ප්‍රමාණයක වගාව සිදුකෙරෙන අතර ඔක්තෝබර් මාසය ආරම්භ වනවිට ගොවීන් ඒ සඳහා බිම් සකස් කර අවසන් කෙරේ.
නමුත් මෙවර පොහොර ලබා ගැනීම පිළිබඳව ඇති අවිශ්වාසය නිසා තමන් බිම් සකස් කිරීම අත්හැර දැමූ බවගොවීහු පවසති.
“කොම්පොස්ට් පොහොර බඩ ඉරිඟු වගාවට හරියන්නේ නෑ.”
“දැන් නිකන් දෙනවා කිව්ව පොහොර ගොවියන්ට මිල දී ගන්න බෑ.”
මේ අතර රසායනික පොහොර නොමැතිකම නිසා තම තේ අස්වැන්න අඩුවී ඇති බවට කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල පොත්දෙණියකන්ද කුඩා තේවතු හිමියන් චෝදනා කරති.
“මේ තේ වගාවට කාබනික පොහොර උචිත නෑ. කුඩා තේ වතු අධිකාරිය හරහා දැනුවත් කරා, ඒ අයට කියනවා කරන්න පුළුවන් දෙයක් නෑ කියලා.”
සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද එම වගාකරුවන් හමුවී ඔවුන් මුහුණ දී ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කළේය.
මෙහිදී අදහස් දැක්වු ඒ මහතා,
“මීට මාස දෙකකට විතර කලින් තේ දළු කිලෝ 150ක් තියෙන අයට කිලෝ 50ක විතර පොහොර දුන්නා. ඒක ප්‍රමාණවත් නෑ.”
එමෙන්ම බදුල්ල කැන්ඳගොල්ල ප්‍රෙද්ශයේ කුඩා තේ වතු හිමියන් සඳහා අද (02) රසායනික පොහොර බෙදාදීම සිදු කළ අතර එහිදී තමන්ට ලැබුණු පොහොර ප්‍රමාණවත් බව පවසමින් ගොවීන් සිය විරෝධය පළ කළේය.
“මට තේ අක්කර 3ක් තියෙනවා නමුත් පොහොර කිලෝ 4යි.”
“හෝදලා බොන්නද අපිට කියන්නේ, නැත්නම් තේ හැන්දෙන් දාන්න ඕනේ. එහෙම දාලා හරියනවා ද? පොහොර. මට තරහා ගිහින් කේන්තියෙන් ඉන්නේ. තියාගන්නවා මේක අපිට එපා. අපිට ඕනේ නෑ.”
“මේ ටික ගෙනියලා නෝනටයි මටයි කැඳ තමයි හදන්න වෙන්නේ.”
මෙලෙස ප්‍රමාණවත් නිසි පොහොර නොමැතිව තමක් දුෂ්කරතාවට පත්ව ඇති බවට ක්ෂේත්‍ර කිහිපයකම ගොවීන් මැසිවිලි නගද්දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ කාබනික පොහොර පිළිබඳව මතවාදය වෙනස්කිරීමේ මෙහෙයුමක් දියත්ව ඇති බවය.
ඔහු මේ බව පැවසුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.






















