Wednesday, November 11, 2026
HomeNEWSPANDORA PAPERS - වත්කම් සැඟවූ ලෝක ප්‍රබලයින් අතර ශ්‍රී ලාංකික නමකුත්

PANDORA PAPERS – වත්කම් සැඟවූ ලෝක ප්‍රබලයින් අතර ශ්‍රී ලාංකික නමකුත්

ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ.

පැන්ඩෝරා ලේඛන (PANDORA PAPERS) ලෙස නම් කර ඇති අදාළ ලිපිගොනු මගින් වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම තොරතුරු අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමත් සඳහන් වෙයි.

ඇය සහ ඔහුගේ සැමියා වන තිරුකුමා නඩේෂන් එක්ව ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බව එම තොරතුරුවල සඳහන් වී තිබේ.

මේ අතර ජෝර්දාන් රජු, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, රුසියානු ජනාධිපති වැලැඩ්මියර් පුටින්, චෙක් අගමැති ඇන්රේච් බබීස් ඇතුළු රටවල් රැසක නායකයින් සහ දේශපාලඥයින්ගේ රහසිගත වත්කම් පිළිබඳ මෙමගින් හෙළිදරව් වී තිබේ.

බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ දේපළ පවුම් මිලියන 70ක් රහසිගතව එක්රැස් කිරීම සම්බන්ධයෙන් ජෝර්දානයේ රජු පිළිබඳව පැන්ඩෝරා ලේඛන මගින් තොරතුරු හෙළිදරව් කර ඇති බවත් සඳහන් ය.

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ ලන්ඩනයේ කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් තුන් ලක්ෂ 12,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳවද ආදාළ ලේඛන මගින් හෙළිදරව් කර ඇත.

වසර 07ක කාලයක් තුළ නිකුත් වූ ලිපි ලේඛන පිළිබඳව විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින් මෙම හෙළිදරව් කිරීම් සිදුකර ඇති අතර ඒ සඳහා වාර්තාකරුවන් 650කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img