Wednesday, November 11, 2026
HomeNEWSවිදුලි කාර්මිකයින් 5,000කට බලපත්‍ර දීමට සැලසුම්

විදුලි කාර්මිකයින් 5,000කට බලපත්‍ර දීමට සැලසුම්

විදුලි කාර්මිකයින්ට NVQ 3 (ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම) නොමිලේ පිරිනැමීමේ ජාතික වැඩටහනේ දෙවන අදියර හෙට (06) සිට ඇරඹීමට නියමිතය. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් එම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මේ වනවිට විදුලි කාර්මිකයින් 2,000ක් NVQ3 ලබාගෙන විදුලි කාර්මික බලපත්‍රය සඳහා සුදුසුකම් ලබා ඇත. 

මෙම මස තුලදී තවත් විදුලි කාර්මිකයින් 1,500කට NVQ3 ලබාදීමේ පරීක්ෂණ පැවත්වීමට සැලසුම්කර තිබේ. 

වැඩසටහනේ තෙවන අදියර නොවැම්බර් මාසයේදී ආරම්භ වන අතර වසර අවසන්වීමට පෙර තවත් විදුලි කාර්මිකයින් 2,500කට NVQ3 පිරිනැමීමට නියමිතය.

විදුලි කාර්මිකයින්ට NVQ 3 නොමිලේ පිරිනැමීමේ වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුවට Facebook.com/pucsl පිවිස ලබාගත හැකිය.

නැතහොත් 0764271030 දුරකථන අංකයට සිය නම හා දිස්ත්‍රික්කය වට්ස්ඇප් ඔස්සේ එවීමෙන් ද විදුලි කාර්මිකයින්ට මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img