සබරගමුව පළාතේ වාහන හිමියන්ට ආදායම් බලපත්ර නිකුත් කිරීමේ දී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2021.08.16 දින සිට 2021.10.29 දින දක්වා දඩ මුදල් අය නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව පළාත් සභාවේ ප්රධාන ලේකම් එම්.ඩී රංජනී ජයකොඩි මහත්මිය සඳහන් කළාය.
2021.10.01 දින සිට සබරගමුව පළාතේ ප්රධාන කාර්යාලය හා පළාතේ සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලවල වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.






















