Wednesday, November 11, 2026
HomeNEWSමගේ ගෙදර යතුර මාරු කරලා, ඒ අයගේ ගෙදර කියනවා ... මතක තියා...

මගේ ගෙදර යතුර මාරු කරලා, ඒ අයගේ ගෙදර කියනවා … මතක තියා ගන්න ඔප්පුව මගේ අතේ

පක්ෂයෙන් නෙරපා දැමු බව පක්ෂ මහලේකම්වරයා විසින් තමාව දැනුවත් නොකිරීම ලැජ්ජාවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසන්නීය.

ඇය මේ බව සඳහන් කර සිටියේ, අද (08) පාර්ලිමේන්තුවේ දී පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට ගෙන ඇති තීරණය පිළිබඳ අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඩයනා ගමගේ මහත්මිය,

“කී දෙනෙක් දන්නවා ද මේ ගැන. මම අද උදේ කතා කරලා අහද්දි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න සමහර අය දන්නේ නෑ. නමුත් කෘතියාධිකාරී මණ්ඩලයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා කියලා කියනවා මාව නෙරපන්න මේ පක්ෂයෙන්. ඇත්තටම ලැජ්ජයි. බබාලා වගේ හැසිරෙන්නේ. මගේ මහත්තයාගෙත් මගෙත් මේ පක්ෂය ගැන උදාහරණයක් හැටියට කිව්වොත්, මහ වැස්සක් අතරතුර නන්නත්තාර වෙලා හිටිය කොටසකට මගේ ගෙදර මම ඉඩදෙනවා ඇවිත් ඉන්න ඒ වැස්සට. එහෙම කොටසක් මං එළියට ගිය වෙලාවේ මගේ ගෙදර යතුර මාරු කරලා ඒ ගොල්ලන්ගේ ගෙදර කියනවා දැන්. හැබැයි මං කියන්න කැමතියි මහලේකම්තුමා ඇතුළු සජබ සියලුදෙනාට මතක තියා ගන්න ඔප්පු තියෙන්නේ මගේ අතේ. අන්න ඒක හොඳට මතක තියා ගන්න. මේ කරන විහිලු නතර කරන්න. ඔබතුමාගේ සජබ පක්ෂය ඇතුළත ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. මේවා කෑලි කැඩිලා අද වෙනකොට.”

ඩයනා ගමගේ මහත්මිය පසුගිය මහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රිවරියක ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

ඇය පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වූයේ ආණ්ඩුව ගෙන ආ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කිරීමත් සමඟිනි.

එවන් පසුබිමකදී ඊයේ (07) පැවැති සමඟි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඩයනා ගමගේ මහත්මිය පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img