ගතවු දින 08ක කාලයක් තුළ ප්‍රමාද වු කොවිඩ් පරික්ෂණ වාර්තා ලැබීමත් සමඟ තවත් නව ආසාදිතයින් 641 දෙනෙකු හඳුනාගෙන තිබේ.
පසුගිය මස 23වන දා සිට 30 වනදා දක්වා වු දින 08 තුළ එම ආසාදිතයින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 524,191 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් අද (08) දිනයේ ද ආසාදිතයින් 421 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 479,182 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ආසාදිත තත්ත්වයේ පසුවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31,780 දෙනෙකු වේ.






















