Wednesday, November 11, 2026
HomeNEWSගෑස් මිල ගැන අවසන් තීරණය අද

ගෑස් මිල ගැන අවසන් තීරණය අද

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (10) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලාෆ් සමාගම ද අද දිනයේ මිල ඉහළ දැමීම සිදුවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන්  කළේය.

ඒ අනුව නව මිල ගණන් යටතේ හෙට (11) දිනයේ සිට ගෑස් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේය.

ගෑස් සමාගම් විසින් සිදුකළ ඉල්ලීමට අනුව ගෑස් රුපියල් 550කින් ඉහළ දැමීමට පසුගියදා ජිවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වුවද ඊට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී නොතිබුණි.

අදාළ සමාගම් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් මත කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරිම රජය තීරණය කළේය.

ඒ අනුව ආනයනික කිරිපිටි සමාගම් විසින් ඊයේ (09) දිනයේ සිට සිය නිෂ්පාදනවල මිල ඉහළ දෑමීමට තීරණය කර තිබේ.

ආනයනික කිරිපිටි‍ කිලෝග්‍රෑමයේ පැකට්ටුවක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමූ බව එම සමාගම් සඳහන් කළේය.

ඒ අනුව  කිලෝග්‍රෑමයේ කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1195ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස ද ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තිරිඟු පිටි ඉහළ දැමීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නා බව  එම සමාගම්වල නියෝජිතයින් පැවසීය.

මේ අතර පුද්ගලික සමාගම්වලට තම හිතුමතය පරිදි භාණ්ඩ මිල ඉහළ දැමීමට හැකි නම් රටකට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ඔහු පවසන්නේ භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img