Wednesday, November 11, 2026
HomeNEWSපාර්ලිමේන්තු සැසිවාර ගැන ගත් තීරණය

පාර්ලිමේන්තු සැසිවාර ගැන ගත් තීරණය

පාර්ලිමේන්තුව ලබන සතියේ 21වන බ්‍රහස්පතින්දා සහ 22වන සිකුරාදා රැස්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී එම තීරණය ගත් බවත් මහ ලේකම්වරයා පැවසීය.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම දෙදිනම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

ඔක්තෝබර් 21 වනදා පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර  පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්)(සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

අනතුරුව ප.ව. 3.00 සිට ප.ව. 6.00 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පොහොර භාවිතය සම්බන්ධ වර්තමාන ගැටලු පිළිබඳ  සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ඔක්තෝබර් 22වන සිකුරාදා පෙ.ව. 11.00 සිට දහවල් 12.00 දක්වා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ  නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

අනතුරුව ප.ව. 5.30 දක්වා දිවා විවේකයකින් තොරව ආණ්ඩු පක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව 2021.03.10 සහ 2021.04.06 දිනවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.

එසේම පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කිරීමට ඇති හැකියාව පිළිබදව කාරක සභාවේදී  සාකච්ඡා වී ඇති අතර පවතින කොවිඩ්-19 තත්ත්වය තවදුරටත් පහව ගිය විට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන ගැලරිය විවෘත කිරීම පිළිබඳ සලකා බැලීමට මෙහිදී තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img