Wednesday, November 11, 2026
HomeNEWSතුනෙන් දෙකක් දුන්නොත් වර්ජනය ගැන තීරණයක් ගැනීමට සූදානම් - ගුරු සංගම්

තුනෙන් දෙකක් දුන්නොත් වර්ජනය ගැන තීරණයක් ගැනීමට සූදානම් – ගුරු සංගම්

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් දෙකක් එකවර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

වර්ජනයේ නිරත විදුහල්පති සංගම් පවසන්නේ එලඹෙන 21 වැනිදා වනවිට ගැටලුවට විසඳුමක් ලබා නොදෙන්නේ නම් තමන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් නොයන බවය.

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් 2022 වසරේ ජනවාරි මාසයේදීත් තුනෙන් දෙකක් 2023 වසරේ ජනවාරියේ ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කෙරුණද වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති සංගම් ඊට එකඟ නොවීය.

අද (14) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ,  

“ගුරු සේවයේ 3 (II) ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 1,250ක්. අරගලය රුපියල් 1,250ක් වෙනුවෙන්ද කියලා හිතයි. පාසල් පැවැත්වුණේ නැති නිසා වියදම් නැහැ. ඒ නිසා විශාල මුදලක් ඉතිරිවෙලා තියෙනවා. අය නොකළ බදු ආදායම මිලියන 6000ක්. ලක් සතොසෙ පාඩුව කෝටි 170. නෙ‍ළුම් කුලුනෙන් අහිමිවන ආදායම මිලියන 5,475ක්. දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට ලක්ෂ 1,200ක්. ගුරුවරුන්ට වැටුප් වැඩිකරන්න ආණ්ඩුවට සල්ලි නැහැ. සුබෝධනි වාර්තාවට අනුව බිලියන 71ක් යනවා. බිලියන 30ක ඇමති අනුකමිටුවේ යෝජනාව අපි ඉල්ලුවා සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස. 21 වැනිදාට පෙර විසඳුමක් නොදුන්නොත් 21 පාසල් ගමන ගැන තීරණයක් ගන්න වෙනවා.” 

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, “තුනෙන් දෙකක් 2022 ට ඇවිත් තුනෙන් එකක් 2023 ට ගියොත් එකඟ වෙනවාද?”

එහිදී, “යෝජනාවක් ආවොත් තීරණයක් ගන්න පුළුවන්,” යනුවෙන් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img