Wednesday, November 11, 2026
HomeNEWSඑල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනය - බිරිඳ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනය – බිරිඳ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවී ඇති සැකකරුවන් අද (15) තවදුරටත්  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයෙකු ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුටය.

එහිදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

ඒ මෙම නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවු අවස්ථාවේදීය.

එහිදී විමර්ශන සිදුකරන මට්ටක්කුලිය පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම අපරාධයට අදාළ නඩු භාණ්ඩ විශ්ලේෂණයකර වාර්තා ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවය.

මෙම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ තිබෙන සැකකරුවන් විසින් කුලී පදනම යටතේ ලබාගත් වාහනයක් මුදාහරින ලෙස එහි හිමිකරුවන් විසින් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීමට අනුව නියෝගයක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය අදාළ වාහනය එහි ලියාපදිංචි අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස නියෝග කළාය.

එමෙන්ම නඩුව නැවත ලබන 29 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය, ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස ද පොලීසියට නියෝග කළාය.

අදාළ එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල්වරයා, එම කඳවුරට අනුයුක්තව සේවය කළ බුද්ධි අංශ නිලධාරීන් සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරිනියක ඇතුළු 15 දෙනකු සැකකරුවන් වශයෙන් නම්කර අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img