Thursday, November 12, 2026
HomeNEWSජීවිත දෙකක් බිලිගත් මාරක රිය අනතුර

ජීවිත දෙකක් බිලිගත් මාරක රිය අනතුර

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබු මොටර් රථයේ රියදුරු සහ එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී රියදුරු සහ එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි පරගහතොට සහ වඩුමුල්ල යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර නෙරියකුලම – නෙළුක්කුලම මාර්ගයේ උළුක්කුලම ප්‍රදේශයේ දී යතුරු පැදියක් ලොරි රථයකට ඉස්සර කර යෑමට උත්සහ දැරීමේ දී විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 16 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර මහනුවර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සෙනරත්ගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී  වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි 54 කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මේ අතර කුරුණෑගල – හලාවත මාර්ගයේ මුන්නේෂ්වරම් ප්‍රදේශයේ දී ලොරි රථයක විරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රී රොද රථයක් ගැටී සිදුවූ අනතුරකින් 60 හැවිරිදි පුද්ගලයෙතු ජීවිතක්ෂයට පත්ව ඇත.

මොනරාගල වෙහෙරගල මාර්ගයේ බෝපිටිය ප්‍රදේශයේ දී ද යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී සිදුවූ අනතුරකින් 70 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

මේ අතර කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 91 ප්‍රදේශයේදී කන්තලේ දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනයවූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img