Wednesday, November 11, 2026
HomeNEWSඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට ?

ඩීසල් මිල ඉහළ ගියොත් බස් ගාස්තුවත් ඉහළට ?

ඉන්ධන මිල ඉහළ නැංවීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේනම් මේ මොහොතේ ඩීසල් මිල හෝ ඉහළ නොදැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඩීසල් මිල ඉහළ නැංවුවහොත් බස් ගාස්තුද ඉහළ නැංවීමට සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“තෙල් මිල වැඩි වුණොත් බස් ගාස්තු පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙනවා. බස් හිමියන් පහුගිය වතාවේ ඉතාම කරුණික වුණා  ඩිසල් වැඩි වුණාම ගාස්තු වැඩි වීමක් ඉල්ලුවත් අපි කරුණු පැහැදිලිකර දුන්නාම ජනතාව පිට බර පටවන්න බැහැ කියලා ඒ අය ඒ පාඩුව ඉවසා දරාගෙන සිටියා. නමුත් තවත් මිල වැඩිවීමක් ඒ අය පිට පැටවුවොත් ඒක ලොකු ප්‍රශ්නයක් බස් රථ ධාවනයට. ඒක ලංගමටත් ප්‍රශ්නයක්. පෞද්ගලික අංශයටත් ප්‍රශ්නයක් බවට පත්වෙනවා. මම හිතන්නේ නෑ රජය මිල වැඩි කරයි කියලා. යම් විදියකින් මිල වැඩි කිරීමක් සිද්ධ කිරන්නම සිදු වුණොත් අඩුමතරමේ ඩීසල් මිලවත් වැඩි නොකර ඉන්න එක තමා මේ වෙලාවේ කරන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය. ප්‍රවාහන අමාත්‍යවරයා හැටියට මම දන්නේ නෑ තෙල් අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය”

කෙසේ වෙතත්, හෙට (25) සිට පළාත් තුළ වාර ප්‍රවේශපත්‍ර සහිත පුද්ගලයින් පමණක් දුම්රියෙන් ගමන් කිරීමට තීරණය කර තිබේ.

මේ අතර පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවල රියදුරන් සහ සහායකයින් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබේද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට පොලීසීයට උපදෙස් ලබාදී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img