Wednesday, November 11, 2026
HomeNEWSතවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (25) අලුයම එම එන්නත් දිවයිනට රැගෙනවිත් ඇති බව “අද දෙරණ”  ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.

මේ අතර ඊයේ (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 555 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 536, 084 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 503,388ක් සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 19,085 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර තවත් කොවිඩ් මරණ 18ක් පසුගිය ඔක්තොම්බර් 23 වනදා සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,611ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.

ඉන් 12 දෙනෙකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර අවුරුදු 30ත් 59ත් අතර පස්දනෙකු සහ අවුරුදු 30 අඩු එක්අයෙකු ඒ අතර වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img