Wednesday, November 11, 2026
HomeNEWSජීවිත තුනක් අහිමි කළ මාරක අනතුරු

ජීවිත තුනක් අහිමි කළ මාරක අනතුරු

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරුවලින් ජීවිත තුනක් අහිමි වී තිබේ.

ඉපලෝගම පොලිස් වසමේ හිරිපිටියාගම ගල්නෑව මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේදී හිරිපිටියාගම දෙස සිට ගල්නෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක් විදුලි රැහැනක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු ගල්නෑව රෝහල ට ඇතුළු කිරීමෙන් අනතුරුව 20 හැවිරිදි අක්කර 500, කලාකඹරූව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර කුලියාපිටිය – මාදම්පේ මාර්ගයේ ධාවනය වු යතුරුපැදියක් එක්වරම දකුණට හැරවීමට යෑමේ දී අනතුරක් සිදුව ඇත.

එම දිශාවට ම පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී මාර්ගයේ ගමන්ගත් පදිකයෙකුගේ ද, දකුණු පස මාර්ගයෙන් පිටත නවතා තිබූ කාර් රථයක ද ගැටී තිබේ.

අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා හා පදිකයා තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

දකුණට හැරවු යතුරුපැදියේ පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂණයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, ගිරිඋල්ල – කුරුණෑගල මාර්ගයේ දඹදෙණිය නගරයේ දී ගිරිඋල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වු බස් රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු පදික කාන්තාව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img