Wednesday, November 11, 2026
HomeNEWSමාරක රිය අනතුරු ජීවිත 4ක් බිලි ගනී

මාරක රිය අනතුරු ජීවිත 4ක් බිලි ගනී

පසුගිය පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුර 4කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (26) එම රිය අනතුර සිදුව ඇති බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

පේදුරුතුඩුව – චාවකච්චේරිය මාර්ගයේ කප්පදු ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 40 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

නෙල්ලිඅඩි දෙස සිට චාවකච්චේරි දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව බෝක්කුවක් අසල ජලය පිරුණු වළකට වැටී එම අනතුර සිදුව තිබේ.

මේ අතර ගම්පහ – ජා ඇළ මාර්ගයේ මාබිම පිරිවෙන් හංදිය අසලදී සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

ගම්පහ දෙස සිට ජා ඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක ගැටී එම අනතුර සිදුව තිබේ.

මේ අතර තලාව – අනුරාධපුර මාර්ගයේ පොතානේගම හංදිය අසලදී සිදුවූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

මේ අතර මහනුවර – යාපනය මාර්ගයේ 257 වන කිලෝමීටර් කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ වාහනයකින් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකු හප්පා පළා ගොස් තිබේ.

පදිකයා බරපතළ තුවාල ලබා කිලිවොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අනතුර සිදුකර පළා ගිය රථය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img