Wednesday, November 11, 2026
HomeNEWSමැතිවරණ ආචාරධර්ම නීතිගත කිරීමට පියවර

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරීමට පියවර

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති, නිමල් ජී පුංචිහේවා මහතා පවසන්නේ මැතිවරණ ආචාරධර්ම උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට මෙතෙක් නීතියෙන් දඩුවම් ලබාදිය නොහැකි බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු නිමල් පුංචිහේවා මහතා,

“කොමිෂන් සභාව මැතිවරණ අවස්ථාවක ඉදිරිපත් කරනවා ආචාරධර්ම. එතකොට මේ ආචාරධර්ම ඉදිරිපත් කරලා අපි ගැසට් කරනවා. නමුත් මේ ආචාරධර්ම කඩකරා කියලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් දැනට නෑ. ව්‍යංගාර්ථයෙන් සමහර දේවල් කරන එක විතරයි. ඒ නිසා  අපි යෝජනා කළා මේ ආචාරධර්ම නීතිගත කරන්න. ඒක කඩ කිරීම මැතිවරණ වරදක් ලෙස සලකන්න. එතකොට මැතිවරණ වරදක් ලෙස සැලකුවොත් තමන්ගේ ආසන නියෝජිතත්ත්වය මන්ත්‍රීධූරය අහිමිවෙනවා. දැන් සමහරවිට අවුරුදු ගාණකට අහිමි කරන්න පුළුවන්. ඒ ගැන විකල්ප ගැනත් හිතන්න. තේරීම් කාරක සභාවට කොමිෂන් සභාව හැටියට අපේ අදහස් අපි ඉදිරිපත් කළා. අපි දන්නවා සමහර නියෝජිතයෝ හැසිරෙන විදිය. පහුගිය කොමිෂන් සභාවේ ඔබ දකින්න ඇති අපිට ප්‍රකාශයක් කරන්න සිද්ධවුණා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ හැසිරීම් පිළිබඳව. මහජන නියෝජිතයෝ හැටියට වාද විවාද කිරීම වෙන දෙයක්. අතින් පයින් ගුටිබැට හුවමාරු කරගෙන පොලිසි ගානේ ගිහින්, රෝහල් ගානේ ගිහින්, මහ පාරේ පහර දීගෙන ඉන්නකොට මිනිස්සුන්ට පේන්නේ මහජන නියෝජිතයින් ගැන කලකිරීමක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img