Wednesday, November 11, 2026
HomeNEWSමත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පොලිස් නිලධාරියෙක්

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පොලිස් නිලධාරියෙක්

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව STF නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි. 

වැලිකඩ පොලිස් වසමේ ජනාධිපති විද්‍යාල මාවත, පොල්වත්ත යන ප්‍රදේශයේදී සිදුකළ පළමු වැටලීමේදී කේරළ ගංජා ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක් ළඟ තබාගෙන සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔහු සතුව තිබූ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ඇමතුමක් පරීක්ෂා කිරීමේ දී හා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ දී සැකකරු විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අනුව දෙවැනි වැටලීම සිදුකර ඇත.

එහිදී අදාළ ඇමතුම ලැබී ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරියෙකුගෙන් බවට කරුණු අනාවරණය වී තිබේ.

වැඩිදුර සොයාබැලීමේදී ඔහු 119 හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව රාජකාරීයේ නියුතු නිලධාරියෙකු බවට වාර්තා වී ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන් පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිටි නාවල පාරේ අදාළ ස්ථානයට ගොස් ඔහුව හදිසි සෝදිසියකට ලක්කර තිබුණි.

එහිදී නිලඇඳුමින් සැරසී සිටි අදාළ නිලධාරියා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 540ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. 

ඔහු සතුව රාජකාරී රිවෝල්වරයක්, මිලිමීටර් 3.8 වර්ගයේ උණ්ඩ 5ක් ද තිබී ඇත.

සැකකාර නිලධාරියා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img