Wednesday, November 11, 2026
HomeNEWSජනපති අගමැති ප්‍රධානත්වයෙන් තංගල්ලේ පැවති 54 වැනි ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු උත්සවය.

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් තංගල්ලේ පැවති 54 වැනි ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු උත්සවය.

දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 54වැනි ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ‌ ප්‍රධානත්වයෙන් (07) දින පෙරවරුවේ දී පැවැත්විණි.

පුවක්දණ්ඩාව බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ, එස්.එම් චන්ද්‍රසේන,රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෙහාන් සේමසිංහ, ඩී.වි චානක,ජානක වක්කුඹුර,තේනුක විදානගමගේ,දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් පළමුව ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු කමිටුව වෙනුවෙන් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක සහ ප්‍රධාන නියෝජ්‍ය ලේකම් උපුල් දිසානායක මහත්වරු සහ දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලාවක් පළඳවා ගෞරව උපහාර දැක්වූහ.

තංගල්ල වගේගොඩ පුරාණ වජිරගිරිය විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මවංශ හිමි මෙහි දී පැවිදි අනුශාසනාව පැවැත්වූහ.

රුහුණු මාගම් පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති තලම්පෝරුවේ ඉන්ද්‍රසිරි සුමන නාහිමි, තංගල්ල පොළොම්මාරුව වනවාස කුඩා විහාරයේ විහාරාධිකාරී ධම්මදින්න මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී මණ්ඩාඩුවේ ධීරානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

මේ අතර වීරකැටිය මැද මුලන පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනිය දෝන දන්දිනා සමරසිංහ දිසානායකගේ ස්මාරක වෙත (06) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම මැතිනිවරු පහන් දල්වා දෙමාපිය ගුණ සිහිපත් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img