Wednesday, November 11, 2026
HomeNEWS2022 අයවැයේ කොවිඩ් සහන මෙන්න

2022 අයවැයේ කොවිඩ් සහන මෙන්න

කොවිඩ් -19 වසංගතයෙන් බලපෑමට ලක්වු ක්ෂේත්‍ර කිහිපයකට මෙවර අයවැයෙන් සහන සලසා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

ඒ අනුව යෝජනා වී ඇති සහන පහතින් දැක්වේ.

*ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

*රට වසා තිබු කාලය තුළ ආදායම් අහිමි වු පාසල් වෑන් රථ හිමියන් ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කෙරේ.

*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු ත්‍රීරෝද රථහිමියන් ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු පෞද්ගලික බස් රථ හිමියන් ට සහන සඳහා රුපියල් මිලියන 1500ක මුදලක් වෙන් කෙරේ.

*රට වසා තැබු කාලය තුළ ආදායම් අහිමි වු විශේෂ ක්ෂේත්‍ර සඳහා එනම් කලා නිර්මාණ සහ විනෝදාස්වාදය මත පදනම් ව ක්ෂේත්‍ර සහ උත්සව සේවා සැපයු අංශවල වෘත්තීය කටයුතු කඩිනමින් නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

*ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දිළිඳු තත්ත්වයේ පසුවන පවුල් සඳහා සහන මල්ලක ලබාදීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන්කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img