Wednesday, November 11, 2026
HomeNEWSමන්ත්‍රී විශ්‍රාම වැටුප් යෝජනාව ගෙනආවේ කවුද ?

මන්ත්‍රී විශ්‍රාම වැටුප් යෝජනාව ගෙනආවේ කවුද ?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීම සඳහා වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළයුතු බවට වූ යෝජනාව ගෙනආවේ කවුදැයි මුදල් අමාත්‍යවරයා අද (13) පැවසීය.

2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

“මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව පනතකින් කරන්න ඕනේ. ඒ පනත ගෙන ඒමේදී ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් සහාය ලැබෙයි කියලා හිතනවා. විශ්‍රාම වැටුපක් ලැබීමට සාමාන්‍ය හිමිකම් ලැබෙන්නේ වසර 10ක් වත් සේවය කළොත් තමයි රජයේ සේවකයින්ට. ඒ අනුව අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබීමට නම් අවුරුදු 5 ප්‍රමාණවත් නෑ කියලා. වසර 10ක් වත් සම්පූර්ණ කළ යුතුයි කියලා. ආණ්ඩු පක්ෂයේ 40%ක් ඉන්නේ නව මන්ත්‍රීවරු. මේකට වැඩියෙන්ම සතුටු වුණෙත් ඒ මන්ත්‍රීවරු. මේ යෝජනාව ආවෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන්මයි. මම ඔවුන්ට ගෞරව කරනවා ඒකට.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img