Wednesday, November 11, 2026
HomeNEWSචීන පොහොර නැව දැන් කොතන ද?

චීන පොහොර නැව දැන් කොතන ද?

ආන්දෝලනයට තුඩුදුන් චීන කාබනික පොහොර තොගය රැගත් HIPPO SPIRIT නැමති නෞකාව තවමත් කළුතර – බේරුවල මුහුදු සීමාවේ ස්ථානගතව පවතී.

MARRINE TRAFFIC වෙබ් අඩවිය ඒ බව අනාවරණය කරයි.

මේ අතර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් කාබනික පොහොර භාවිත කරමින් සිය වගා කටයුතු සිදුකර තිබේ.

ඒ අනුව ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක අස්වැන්නක් මෙවර ලැබී ඇති බවය.

කාබනික පොහොර භාවිතයෙන් මෙවර වගාවන් සිදුකරන ලෙසට රජය දැනුම්වත් කිරීමත් සමඟ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් අලුත්වැව ප්‍රදේශයේ ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනයට මේ වනවිට යොමු වී තිබේ.

එහෙත් ඇතැම් ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතය පිළිබඳව ගොවීන්ට නිසි අවබෝධයක් ලබානොදීම හේතුවෙන් ඔවුන් කාබනික ගොවිතැනෙන් ඉවත්වී ඇති බවය.

මේ අතර කාබනික පොහොර භාවිත කරමින් මෙවර මහ කන්නයට අදාළ වගා කටයුතු සිදුකරන ලෙසට ගොවීන් දැනුවත් කළත්, බොහෝ ප්‍රදේශවල ගොවීන් රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී තිබේ.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් මේ වනවිට කාබනික පොහොර භාවිතයට යොමුවී ඇතත් ඔවුන් පවසන්නේ කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි අවබෝධයක් අදාළ බලධාරීන් විසින් ලබාදිය යුතු බවය. 

පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් කුඹුරු අක්කර 7,000කට ආසන්න ප්‍රමාණයක් වගා කටයුතු සිදුකරන ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් සිය වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීම හේතුවෙන් මහ කන්නයේ වගා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඉකුත් 05වැනිදා ගිරිතලේ ජලාශයෙන් වගා කටයුතු සඳහා ජලය නිකුත් කළ ද ගොවීන් පවසන්නේ ඉන් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවය.

සිය වගාවන් සඳහා අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා කොස්ලන්ද ප්‍රදේශයේ ගොවීන් ද මැසිවිලි නඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img