Wednesday, November 11, 2026
HomeNEWSසමාජ ආර්ථික සංවර්ධනයට ජයිකා සහය

සමාජ ආර්ථික සංවර්ධනයට ජයිකා සහය

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (ජයිකා) පවසයි.

ජයිකා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී
ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී තමන්ට “ජයිකා” ආයතනය සමග එක්ව සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට
හැකි වූ බව ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.

1965 වසරේ සිට සංවර්ධන ව්‍යාපෘති 120ක් සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය දායකත්වය ලබාදී තිබේ. 

ණය පැකේජ, ව්‍යාපෘති ප්‍රදාන,ව්‍යාපෘති නොවන ප්‍රදාන ඇතුළු විවිධ ණය යෝජනා ක්‍රම යටතේ ඊට ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8829කි.

වර්තමානයේ “ජයිකා” ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති 14ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. 

බලශක්ති, ජල සැපයුම් හා ජලාපවහන, වරාය, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සංදේශ සහ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වූ මෙම සංවර්ධන
ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී ඇති සහනදායී ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2500කි.

මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පැහැදිලි කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, නිපුණතා සංවර්ධන, සෞඛ්‍ය, වාරිමාර්ග යන ක්ෂේත්‍ර
වෙනුවෙන් ඉදිරි වසර සඳහා “ජයිකා” සහාය අපේක්ෂා කරන බව පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img