මුතුරාජවෙල සංරක්ෂිත කළාපය සඳහා ඒ අවට වගුරු බිම් පමණක් පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මුතුරාජවෙළ තෙත් බිම ආරක්ෂා කර ගැනීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවය.
ඒ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව සමග මේ වන විට පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව සඳහන් වෙයි.
අමාත්‍යවරයා පවසන්නේ, මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කළාපය සඳහා ඒ අවට පදිංචි කිසිදු අයෙකුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බවය.
අදාළ වගුරුබිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මුතුරාජවෙල සංරක්ෂිත කළාපය රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කර වනජීවි දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිතව තිබේ.






















