කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසළ පිහිටි පෞද්ගලික අවන්හලක ගින්නක් හට ගෙන තිබේ.
“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ අද (20) අළුයම 05.30ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බවය.
ගින්න හේතුවෙන් අවන්හල පිහිටි ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇත.
ගෑස් කන්දුවක් සිදුවී හටගත් පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිව ඇති බව වාර්තා වේ.
කොළඹ මහනගර සභාවට අයත් ගිනිනිවීමේ රථ 6ක් යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බව අප වාර්තාකරු පැවසීය.
කිසිදු පුද්ගල හානියක් සිදුවී නොමැති අතර පිපිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ සිදුකරයි.






















