Wednesday, November 11, 2026
HomeNEWSනුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසෙයි

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසෙයි

සිය වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම තීරණයත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි.

මේ පිළිබඳව අදහස් දැක්වු, සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති, අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා “සාමාන්‍ය දවසකට ලක්ෂ 25ක් විතර එන මැනිං මාකට් එකට අද එන්නේ ලක්ෂ 5ක් වගේ. තඹුත්තේගම 80%ක් විතර අඩුවෙලා තියෙනවා. මෙහෙම ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. තව මාසයක් දෙකක් යනකොට ආර්ථික මධ්‍යස්ථාන වැහෙනවා.” යනුවෙනි.

පවතින පොහොර අර්බුදය හේතුවෙන් එළවළු ඵලදාව අඩුවී ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී.

දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග සීමාවීම අදත් දක්නට ලැබුණි.

මැනිං වෙළෙඳ සංගමයේ කමිටු සාමාජික මහේෂ් චානක මහතා පවසා සිටියේ, “හෙට දිනයේ නුවරඑළිය කදපොළ වගේ විවිධ ස්ථානවලින් එළවළු මැනිං වෙළෙඳපොළට එවෙන්නේ නෑ පොහොර අර්බුදය නිසා.” යනුවෙනි.

තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත අද ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග එහි මිල ගණන් ඉහළ ගොස් තිබුණේ වෙළෙඳුන්ද දුෂ්කරතාවට පත්කරමිනි.

එහි සභාපති, සුනිල් සේනාරත්න මහතා පවසා සිටියේ, “ඇත්තටම ආර්ථික මධ්‍යස්ථානය දැනුත් වැහෙන මට්ටමේ තියෙන්නේ.” යනුවෙනි.

එමෙන්ම නුවරඑළිය ප්‍රදේශයේ උඩරට සහ පහතරට එළවළුවල සිල්ලර මිල රුපියල් 400ට වඩා ඉහළයාම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව වෙළෙඳුන් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img