Tuesday, November 10, 2026
HomeNEWSයළි කැලඹුණු කාලගුණය

යළි කැලඹුණු කාලගුණය

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ස්ථාන රැසක පහත්බිම් ජලයෙන් යටවී තිබේ.

ඒ හේතුවෙන් අද දිනයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණි. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනට ගිනිකොණ දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය, අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බවය.

මේ හේතුවෙන් දිවයිනේ උතුර, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි  බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින අධික වර්ෂාවත් සමග වව්නියාව දිස්ත්‍රික්කයේ නෙඩුන්කේනි, සෙට්ටිකුලම සහ වව්නියාව යන ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබුණි.

එමෙන්ම වව්නියාව කළුකුන්නම්මඩුව වැව වාන්දැමීම හේතුවෙන් යාපනය – මහනුවර A9 ප්‍රධාන මාර්ගය අද පස්වරුවේ කළුකුන්නම්මඩුව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබුණි.

වක්ඔය පිටාර ගැලීමෙන් බොරස්වතැන්න, මාවල්ගම ඇතුළු ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයකට ද ගංවතුර තත්ත්වයක් බලපා ඇති අතර කහහේන බොරළුගොඩ මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියද ජලයෙන් යටවී ඇත.

මේ අතර පාදුක්ක දඩෝර ලබුගම වතුයායේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසට දැඩි හානි සිදුවී තිබේ.

නායයෑම සිදුවන අවස්ථාවේ නිවස තුළ පස්දෙනෙකු රැඳී සිට ඇති අතර කිසිවෙකුටත් ඉන් හානියක් සිදුවී නොමැත.

අයහපත් කාලගුණයත් සමග ප්‍රදේශ රැසකම පස් කඳු කඩාවැටීමෙන් රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ලවී තිබුණි.

මේ අතර රාජාංගනය, අංගමුව, දැදුරු ඔය යන ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒවායේ වාන් දොරටු ද විවෘත කර තිබේ.

ඒ හේතුවෙන් අනුරාධපුර – කුරුණෑගල මාර්ගය ඇල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර මාර්ගයේ  ගමනාගමය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

ඇද හැලුණු අධික වර්ෂාවත් සමග අම්පාර මංගල ඔය පිටාර ගැලීම හේතුවෙන් අම්පාර – නුවර ප්‍රධාන මාර්ගය මංගලගම ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

එමෙන්ම මුලතිව් කිත්තිරාපුරම් ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා ගෙනැවිත් තිබූ පලංචි එම ප්‍රදේශයට බලපෑ අධික සූළං තත්ත්වයත් සමඟ ගසා ගෙනගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img