Tuesday, November 10, 2026
HomeNEWSගැසට්ටුවේ ප්‍රමාදයෙන් රසායනික පොහොර ආනයනය ට බාධා

ගැසට්ටුවේ ප්‍රමාදයෙන් රසායනික පොහොර ආනයනය ට බාධා

රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීර නාශක ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද (27) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ග‍මගේ මහතා ප්‍රකාශ කළේ රසායනික පොහොර ආනයනය කිරීම සඳහා යළි අවසර ලබාදෙන බවය.

ඒ සඳහා රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීර නාශක ආනයනය කිරිම තහනම් කරමින් අප්‍රේල් මස 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය ද අවලංගු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති අතර මේ හේතුවෙන් රසායනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ පොහොර සමාගම් දැඩි අර්බුදයකට පත්ව සිටී.

රසායනික පොහොර ආනයනය කිරීමේ දී යූරියා සහ ටී.එස්.පී පොහොර වර්ග ආනයනය කිරීම සඳහා අවසර හිමි වුවද  එම්.ඕ.පී නමැති පොහොර වර්ගය ආනයනය කිරීම සඳහා අවසර හිමිව නොමැති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ” ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී ඔවුන්  සඳහන් කළේ රසායනික පොහොර නැවත ආනයනය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන තෙක් ඒවා ආනයනයට අදාළ අවසර ලබාදීමේ හැකියාවක් නොමැති බවය.

රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදුන්න ද පෙර පැවති තත්ත්වයට නොව ඒවා ආනයනය කිරීමේ දී යම් සීමා කිරීමක් සිදුකිරීමට සිදුවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img