සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (26) දින අරලියගහ මන්දිරයේ පැවැති වැඩසටහනකදී අගමැතිවරයා ඒ බව අවධාරණය කළේය.
මේ වනවිට පාඩු ලබන ආයතන 2022 වසරේ දී ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කරගැනීම කෙරෙහි ද සියලු නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අභියෝගාත්මක කාලයේ වැඩ අඩපණවීමට ඉඩ නොදිය යුතු බව කී අගමැතිවරයා සාකච්ඡා මාර්ගයෙන් කඩිනම්ව අවශ්‍ය තීරණ ගෙන නීත්‍යානුකූලව අදාළ කාර්යයන් නිසි පරිදි අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි තෙවන කාර්තුව සඳහා වූ ප්‍රගති සමාලෝචනයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ ඕෂන්වීව් සංවර්ධන පුද්ගලික සමාගමට අයත් ප්‍රගතිය පිළිබඳව ඒ ඒ ආයතන ප්‍රධානීහු අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර තිබේ.
අඩක් නිම කරන ලද නිවාස 72,000න් තවදුරටත් වැඩ නිමකළ යුතු නිවාස 40,723ක් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 500 බැගින් ප්‍රතිපාදන ලබාගැනීම, මාදුළුවාවේ සෝභිත නාහිමි ගම ඉතිරි නිවාස 31 හා අත්‍යවශ්‍ය වැඩ නිම කිරීමට රුපියල් මිලියන 112ක් ප්‍රතිපාදන ලබා ගැනීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති මෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ලබාගත් ණය මුදල් සඳහා අදාළ බැංකුවලින් යම් සහනයක් ලබාගැනීම ඇතුළු කරුණු රැසක් මෙම හමුවේ දී අවධානයට යොමුවී තිබේ.
“ආයතන අතර සහයෝගයෙන් කරන ව්‍යාපෘති වලදී ව්‍යාපෘති අවසන් කිරීම සඳහා සියලු ආයතන වල සහයෝගය ලබාදීම වැදගත්, වෙළෙඳපොලේ ටයිල් හිඟයක් ඇති වූ අවස්ථාවේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සිමෙන්ති සහ යකඩ හිඟවීමකින් තොරව ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කරන්න.” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

























