Tuesday, November 10, 2026
HomeNEWSබේකරි නිෂ්පාදනවල මිල නැවතත් ඉහළ ට ?

බේකරි නිෂ්පාදනවල මිල නැවතත් ඉහළ ට ?

තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ ප්‍රකාශයක් සිදුකරන බවය.

තිරිඟු පිටි මිල ඊයේ දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන ඇති අතර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට  (29) දිනයේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් සිදුකරන බව එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර තිරිඟු පිටි ඉහළ යාමට අමතරව තිරිඟු පිටි හිඟයක්ද මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img