Tuesday, November 10, 2026
HomeNEWSගෑස් ලීක්වෙන හේතුව

ගෑස් ලීක්වෙන හේතුව

සිලින්ඩරය ශක්තිමත් වුවද ගෑස් සංයුතිය වෙනස් වුවහොත් ගෑස් පිටතට පැමිණිය හැකි බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රොපේන් පීඩනය බ්‍යුටෙන් පීඩනය මෙන් 4 ගුණයක් බවය.

“ගැස් පුරවලා ගේන සිලින්ඩරය බොහොම ශක්තිමත්. හැබැයි සිලින්ඩරයකට සවිකරන වෑල් එකයි, වෑල් එක උඩින් ඇති රෙගියුලේටරයයි.. ඒවා කොයි විදිහට ඩිසයින් කරලා තියෙනවාද කියලා අපි බලන්න ඕනේ.” 

“දැන් සිලින්ඩරයේ වෑල් එක ඩිසයින් කරලා තියෙන්නේ ප්‍රොපේන් 30යි බ්‍යුටේන් 70ට නම් ඒකට අපි ප්‍රොපේන් 30ට වැඩිය දැම්මොත් ඒ වෑල් එකට ඔරෝතතු දෙන්නේ නැතුව යන්න පුළුවන්. බ්‍යුටේන් පෙෂර් එක අඩුයි. හැබැයි ප්‍රොපේන් පෙෂර් එක ඒවාගේ 4ගුණයක්. ඉතින් ඒ පීඩනයට ඔරොත්තු දෙනවාද? ඒ වෑල් එක.” 

“ඊළඟට රෙගියුලේටරය.. ඒවා චෙක් කරන්න තියෙන ආයතනවල ප්‍රමිතියට හදලා තියෙනවායි කියලා කියනවා. ඒවා ක්‍රියාත්මක වෙනවාද? මම දැක්කා මේ මෑතකදී මහජනතාව රූගත කරලා එනවා..  සිලින්ඩරයෙන්ම ලීක් වෙනවා. එතන වැරැද්ද තියෙන්නේ වෑල් එකේ නේද? එතකොට අපි ඒ ගැන බලන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ ඇයි වෑල් එකෙන් ලීක් වෙන්නේ.  පීඩනයේ තමයි මෙතන ප්‍රශ්නය. එතකොට පීඩනය ඇතිවෙන්නේ සංයුතිය වෙනස් වුණොත් විතරයි.” 

“දැන් පාරිභෝගිකයන්නට පුළුවන් ගෑස් සිලින්ඩරයක් ගෙනාවොත් සබන් ටිකක් දාලා බලන්න. මේක ලීක් වෙනවාද කියන එක. ඒකෙ ලීක් එකක් තිබුණොත් ගේ ඇතුළට ගන්න එපා. ආපසු ගිහින් බාරදෙන්න ගත්ත තැනට. නැත්නම් ඒ ගත්ත තැනට කෝල් කරලා කියන්න. ඊළඟට රෙගියුලේටරයත් මාරු කරන්න. හැබැයි හොඳ එකක් ගන්න. ඊට පස්සේ බටෙත් හොඳට පරීක්ෂා කරලා බලන්න. මොකද මේක අපි ප්‍රතික්ෂේප කළොත් ජීවිත හානියක් වෙන්නත් පුළුවන්.”

මේ අතර ආන්දෝලනයට තුඩු දී ඇති ගෑස් සිලින්ඩරවල පිපිරීම්වලට හේතුව සොයා මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙයි.

මෙලෙස මෑත කාලයේ ගෑස් කාන්දු නිසා සිදුවන පිපිරීම් ගැන අසන්නට ලැබෙන්නේ ගෑස් සිලින්ඩරවල වායු සංයුතියේ වෙනස්කම් සිදුකර ඇති නිසා බවට ද විවිධ මත පළවෙයි.

ඔවුන් පවසන්නේ ප්‍රොපේන් 30% ක් පමණ සහ බ්‍යුටේන් 70% ක් වශයෙන් පැවති ශ්‍රී ලංකාවේ LP ගෑස් සිලින්ඩරයක සංයුතිය ප්‍රොපේන් 50% ක් සහ බ්‍යුටේන් 50% ක් ලෙස වෙනස් කර ඇති බවය.

කෙසේවෙතත් වායු සංයුතියේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බව ලිට්‍රො සහ ලාෆ්ස් යන ගෑස් සමාගම් දෙකම අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img