Tuesday, November 10, 2026
HomeNEWSදකුණු අප්‍රිකානු ජනාධිපතිගෙන් සැර ප්‍රකාශයක්

දකුණු අප්‍රිකානු ජනාධිපතිගෙන් සැර ප්‍රකාශයක්

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය වාර්තා වූ දකුණු අප්‍රිකාව ට ලොව අනෙකුත් රටවලින් ලැබුණු ප්‍රතිචාරය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළකරයි.

සිරිල් රාමපෝසා පැවසුවේ අනෙකුත් රටවලින් ක්‍රියාත්මක කර ඇති සංචාරක සහ ගුවන්ගමන් තහනම් ඉවත් කළ යුතු බවය.

ඔහු ඒ සම්බන්ධයෙන් එම රටවල් දැඩි ලෙස විවේචනය කළේය. 

ඔහු පැවසුවේ එම තීරණ සමග එකඟ විය නොහැකි බවය.
 
මේ වනවිට එක්සත් රාජධානිය, යුරෝපීය සංගමය සහ අමෙරිකාව ඇතුළු රටවල් සහ කලාප දකුණු අප්‍රිකාව සහ එම කලාපයේ රටවල් කිහිපයකට සංචාරක සීමා පනවා තිබේ. 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ සියලුදෙනා ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

එය දැඩි ලෙස විකෘතිතා වලට ලක්වී ඇති බවත් පහසුවෙන් පැතිර යා හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.

ඊයේ (28) දකුණු අප්‍රිකාවෙන් දෛනික ආසාදිතයින් 2,800ක් වාර්තා වී ඇති අතර ඊට පෙර එරටින් දෛනික ආසාදිතයින් හමුවූයේ සාමාන්‍ය වශයෙන් 500ක් පමණි.

මෙම සති අන්තය වනවිට දෛනික ආසාදිතයින් ගණන 10,000ක් පමණ දක්වා ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img