Tuesday, November 10, 2026
HomeNEWSඔමික්‍රෝන් අමෙරිකාවට ඇතුළු වෙයි

ඔමික්‍රෝන් අමෙරිකාවට ඇතුළු වෙයි

පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.

දකුණු අප්‍රිකාවෙන් ඉකුත් සතියේ මුල් වරට හඳුනාගත් ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ලොව රටවල් හා පාලන කලාප 28ක ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 366කි.

වෛරසය පැතිරුණු නවතම රට බවට පත්වී තිබෙන්නේ ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් සහිත අමෙරිකාවය.

එරට කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සිට නොවැම්බර් 22 වැනි දා යළි අමෙරිකාව වෙත පැමිණ තිබුණි.

ඔහු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ පසුගිය 29 වැනි දිනය.

ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

බටහිර අප්‍රිකානු රටක් වන ඝානාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද මේ වන විට නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img