Tuesday, November 10, 2026
HomeNEWSකිලිනොච්චි නිවසකින් මෝටාර් උණ්ඩ තොගයක් හමුවෙයි

කිලිනොච්චි නිවසකින් මෝටාර් උණ්ඩ තොගයක් හමුවෙයි

කිලිනොච්චිය නයාගපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 61 සහ පුද්ගල නාශක බිම්බෝම්බ 2ක් සොයා ගෙන තිබේ.

අද (07) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇත.

මෝටාර් උණ්ඩවල ඇති පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ග්‍රයින්ඩරයක් භාවිතා කරමින් කපා පුපුරණ ද්‍රව්‍ය පිටතට ගැනීමට උත්සහ කිරීමේදී පසුගිය 05 වනදා එම නිවසේ දී පිපිරීමක් සිදුවිය.

අදාළ පිපිරීමෙන් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වු අතර, 13 හැවිරිදි දරුවෙකු තුවාල ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, එම පුද්ගලයින් විසින් දීර්ඝකාලයක සිට යුද සමයේදී LTTE ත්‍රස්තවාදීන් විසින් කැලෑබද ප්‍ර⁣දේශවල අතහැර දමා යන ලද උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් එම පුපුරණ ද්‍රව්‍ය මසුන් අල්ලාගැනීමට යොදාගන්නා බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කිලිනොච්චිය පොලීසිය විසින් සිදුකරයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img