මෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
දුම්බර රටා හස්ථ කර්මාන්තයක් ලෙස බහුල වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකෙරේ.
කලාල, අත්කම් සහ කලා නිර්මාණ දුම්බර රටා යටතට අයත් වන බව වාර්තා වේ.
එබැවින් දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීමට යුනේස්කෝ සංවිධානය විසින් යෝජනා කර තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස දුම්බර රටා යුනෙස්කෝ සංස්කෘතික උරුමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේය.






















