Tuesday, November 10, 2026
HomeNEWSමුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ඇර‍ඹෙයි

මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ඇර‍ඹෙයි

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදු පතුලේ තැන්පත් ව ඇති බාහාලුම් ඉවත් කර ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගම විසින් එම කටයුතු තවත් විදේශිය සමාගම් දෙකක් වෙත පවරා ඇති බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

එමෙන්ම නෞකාව ගිනිගැනීම හේතුවෙන් ලංකාවට අයවිය යුතු වන්දි මුදල පිළිබඳව ද දර්ශනී ලහඳපුර මහත්මිය මෙලෙස පැහැදිලි කළාය.

“අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අබලි නෞකාව, සාගර පත්ලේ විසිරුණු බහාලුම් ඉවත් කර ගැනීමක් මේ වන විට නෞකාවේ අයිතිකාර සමාගම විසින් සමාගම් දෙකකට පවරලා තිබෙනවා. ඒ අනුව මුහුදු පත්ලේ විසුරුණු බහාලුම් ඉවත්කර ගැනීම සඳහා අමෙරිකානු සමාගමකට පවරා තිබෙනවා. මේ වන විට එම අමෙරිකානු සමාගම සම්පුර්ණයෙන් සාගර පත්ලේ පරික්ෂණයක් කරලා අදාළ සිද්ධිය වූ ස්ථානයේ සම්පූර්ණ සමීක්ෂණයකින් පසුව මුහුදු පත්ලේ ඇති කන්ටේනර් නැතිනම් අපද්‍රව්‍ය විශාල හා කුඩා අපද්‍රව්‍ය ලෙස අපද්‍රව්‍ය 400කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. ඒවා මේවන විට ඉවත් කරගැනීම ආරම්භ කරලා තියෙනවා. දැනට සුමාන දෙකකට පෙර තමයි මේ කාර්ය ආරම්භ කරලා තියෙන්නේ. මේ වන විට සමුද්‍රීය පරිසර අධිකාරියේ දෙදෙනෙක් නෞකාව මතට ගිහිල්ලා මෙම කටයුත්ත පුර්ණ කාලිනව අධික්ෂණය කරනවා. මෙම කටයුත්ත සිද්ධ කිරීම සඳහා   MMP ක්‍රිස්ටේජ් කියන විශාල නෞකාවක් මේ වන විට අපේ සාගර කලාපයට ඇවිල්ලා මේ කටයුත්තේ නිරතවෙමින් පවතිනවා. ඒ සමගම අබලි නෞකාව ඉවත් කර ගැනීම සඳහා ශැන්හයි සැල්වේජ් සමාගම ඔවුන්ට ඒ කටයුත්ත භාරදීලා තියෙනවා. ඔවුන් බොහෝ දුරට මේ මස 19 වන දින වනවිට අපේ සාගර කලාපයට පැමිණීමට නියමිතයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img