රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක, ටිපර් රථයක් ගැටී අද (15) උදෑසන අනතුරක් සිදුව තිබේ.
මීරිගම සහ විල්ලවත්ත දුම්ර්ය ස්ථාන දෙක අතර ඇති දුම්රිය හරස් මාර්ගය දී එම අනතුර සිදුව තිබේ.
මීරිගම – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයක් අපරික්ෂාකාරී ලෙස මිරිගම දුම්රිය ස්ථානය ආසන්න දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය ඇත.
එහිදී කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටී එම අනතුරක් සිදුව තිබුණි.
අදාළ අනතුරින් ටිපර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවද වාර්තා වෙයි.






















