Tuesday, November 10, 2026
HomeNEWSඑතිල් මර්කැප්ටන් ගැන ගෑස් සමාගමකින් අනාවරණයක්

එතිල් මර්කැප්ටන් ගැන ගෑස් සමාගමකින් අනාවරණයක්

නෞකා දෙකට අදාළව එතිල් මර්කැප්ටන් ප්‍රමාණය පරීක්ෂා කර ඇත්තේ වාෂ්ප අවස්ථාවේදී බව අද දෙරණ කළ විමසීමකදී ලිට්‍රො සමාගම ප්‍රකාශ කළේය.

එලෙස වාෂ්ප අවස්ථාවේදී ගත් එතිල් මර්කැප්ටන් අගය ද්‍රව තත්ත්වයේ පවතින බවට ගණනය කළ විට ප්‍රමිතිගත අගයන් සපුරන බව එම සමාගම පෙන්වා දෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ එතිල් මර්කැප්ටන් පරීක්ෂා කරන ක්‍රමවේය හෝ එහි අගය කවරක් වූවද නිසිලෙස ගන්ධය වහනය නොවන්නේ නම් එම ගෑස් ගොඩබෑම සඳහා අවසර ලබාදිය නොහැකි බවය.

ගෑස් මෙට්‍රික්ටොන් 3,200ක් රැගත් ලිට්‍රො සමාගමට ගෑස් සපයන එපික් බෝල්ටා නම් නෞකාව පසුගිය සෙනසුරාදා මෙරටට ළගා වූ අතර එහි ප්‍රොපේන් හා බියුටේන් නියමිත ප්‍රමිතියට තිබුණද එහි ගෑස් ගන්ධය වහනයවීම සඳහා යොදන එතිල් මර්කැප්ටන් නිසි ප්‍රමිතියට නොමැති බව අනාවරණ වුණි.

LP ගෑස් කියුබික් මීටරයකට සම්මත එතිල් මර්කැප්ටන් කියුබික් සෙන්ටිමීටර 14ක අනුපාතයක් ගන්ධය හඳුනාගැනීම සඳහා ඇතුළත් වියයුතුවූවත් අදාළ නෞකාවේ තිබූ ගෑස් හි අගය කියුබික් සෙන්ටිමීටර 10ක් වැනි අඩු අනුපාතයකින් යුතු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂාවේදී තහවුරු වී තිබුණි.

ඒ අනුව මෙම නැව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ කැඳවූ ඒකාබද්ධ විශේෂ තාක්ෂණික කමිටුව තීරණය කළේ කොළඹ වරායේ නැංගූරම්ලා ඇති ගෑස් නැවෙහි ඇති ගෑස් ගොඩබෑම සිදුනොකරන ලෙසය.

මේ අතර පසුගිය 12 වැනි ඉරිදා ලිට්‍රො සමාගමට ගෑස් සපයන පී.ජී.සී. පෙරිකිලිස් නම් නෞකාව ගෑස් මෙට්‍රික්ටොන් 3,200ක් සමග මෙරටට සේන්දු විය.

එහිදී ප්‍රොපේන් හා බියුටේන් නියමිත ප්‍රමිතියට තිබුණද ගන්ධය හඳුනා ගැනීම සඳහා භාවිතාකරන එතිල් මර්කැප්ටන් අගය දැක්වුණේ කියුබික් සෙන්ටිමීටර 06ක් වැනි ඉතා අඩු අනුපාතයකය.

එම නිසා අදාළ නෞකාවද ප්‍රමිතියට අනුකූල නොවන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම්දී තිබුණි.

අදාළ නෞකා දෙක අද පස්වරුව වනවිට බෝපිටියට ආසන්න මුහුදු සීමාවේ නැංගූරම්ලා තිබුණි.

මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර වලින් ගෑස් කාන්දුවීම නිසා ඇතිවු අනතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර ඇති පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණා.

පෙත්සම කැඳවු අවස්ථාවේ ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයින් විසින් වෙළඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට කටයුතු කර ඇති බවය. 

ඉදිරි කාලයේදී ප්‍රමිති කාර්යාංශය විසින් සකස් කරනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව වෙළඳපොළට ගෑස් මුදාහැරීමට පියවර ගන්නා බව ලිට්‍රො සමාගම අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුනි.

සමාගම අධිකරණය හමුවේ පැවසුවේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ද එකඟ වන බවය.

මේ අතර බණ්ඩාරගම අළුපත්විල ප්‍රදේශයේ ලාෆ් ගෑස් භාවිත කරන නිවසක ගෑස් ලිප ඊයේ රාත්‍රියේ පුපුරා ගොස් තිබේ.

නිවැසියන් පැවසුවේ, ලිප නිවාදමා මද වේලාවක් ගතවීමෙන් පසු එය පුපුරා ගිය බවය.

පසුව නිවැසියන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් ඇති බව අනාවරණ වී ඇත.

කතරගම, මයිලගම ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිප පුපුරාගොස් තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, ඉන් නිවසේ සිටි කාන්තාවක් සුළු තුවාල ලබා ඇති බවය.

ගාල්ල, නුගදූව ප්‍රදේශයේ නිවසක ද අද ගෑස් ලිප පුපුරාගොස් තිබේ.

නිවැසියන් පවස්න්නේ, මුළුතැන්ගෙයි ආහාර පිස අවසන්කර සුළු වේලාවක් ගතවීමෙන් පසුව අදාළ ලිප පුපුරා ගිය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img