ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය ඇරඹී නිමිත්තෙන් ගල්පොත්තාවල ශ්‍රි පාද විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව ඇතුළු පුජා භාණ්ඩ වැඩම කරවීමේ රථ පෙරහැර ආරම්භ වී තිබෙනවා.
අද උදෑසන 5ට එම පෙරහැර ආරම්භ වු බවයි පොලිසිය පැවසුවේ.
රථ පෙරහැර බදුල්ල – රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගමන් කිරිමට නියමිතයි.
අදාළ කාලය තුළ එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය හැකි බවයි පොලිසිය සදහන් කළේ.
මෙම කාලය තුළදී රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ රත්නපුර සිට පානදුර මාර්ගයේ මහ සමන් දේවාලය දක්වා වූ මාර්ගය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.






















