Tuesday, November 10, 2026
HomeNEWSරන්, රිදී පදක්කම්වලින් මව්බිම සැරසූ ශූරයෝ දිවයිනට

රන්, රිදී පදක්කම්වලින් මව්බිම සැරසූ ශූරයෝ දිවයිනට

උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සමාන්තරව පැවති ලෝක බර ඉසිලීමේ ශූරතා ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) අලුයම දිවයිනට පැමිණ තිබේ.

තරගාවලියට සහභාගී වූ  ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක්, රිදී පදක්කමක් ඇතුළු ලෝකඩ පදක්කම් 05 ක් දිනාගැනීමට සමත්වී තිබුණි.

ඒ අතරින් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කාන්තා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කමක්, පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජය නියෝජනය කළ තිමාලි හපුතැන්න රිදී පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නදීශානි රාජපක්ෂ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ චින්තන විදානගේ සහ ඉන්දික දිසානායකත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒ.යූ.එම්.එම්.විජේසිංහ සහ පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයේ තිලංග පළගසිංහත් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි.

එහිදී මෙරට පිරිමි කණ්ඩායම ලෝක ශූරතා තරගාවලියේ තුන් වන ස්ථානය දිනාගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img