නැංගූරම්ලා ඇති ඉන්ධන නෞකාවේ ඉන්ධන ගොඩබෑමට අවසර ලබාදෙන තෙක් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දිය නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
“අද දෙරණ” කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාව සතුව දැනට පවතින ඉන්ධන තොග ප්‍රවාහන කටයුතු සඳහා පමණක් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවය.
කිසියම් ආකාරයකින් අදාළ නෞකාවේ ඉන්ධන ගොඩබෑමට අවසර ලබාදුනහොත් කිසිදු ගැටලුවකින් තොරව විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය.
දැනට පවතින තත්ත්වය හමුවේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයද අක්‍රීය වීමේ අවදානමක් මතුව තිබේ.






















