Thursday, June 11, 2026
HomeNEWSඉන්ධන දෙන්නැයි ඇමති කළ ඉල්ලීම IOC ප්‍රතික්ෂේප කරයි

ඉන්ධන දෙන්නැයි ඇමති කළ ඉල්ලීම IOC ප්‍රතික්ෂේප කරයි

මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම IOC සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් ඔවුන් මේ බව පැවසූ බවය.

අද කොළඹදී පැවති සාකච්ඡාවේදී එම සමාගමේ නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා සමග ද සාකච්ඡා කළ බවය.

මේ අතර එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර එසේ විදුලිය විසන්ධි වීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී ඇත.

එසේම ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියා විරහිත කර තිබේ.

මෙගාවොට් 63ක ඒකක ප්‍රමාණයක් ඉන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරුණි.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් මේ වනවිට සපුගස්කන්ද බලාගාරය වෙත නිකුත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා.

“පසුගිය දවස්වල ගල් අඟුරු බලාගාරයක මේගාවොට් 300ක ප්ලාන්ට් එකක් හදිසි ආපදාවක් ඇවිල්ලා නැවතුනා. ඉංජිනේරුවෝ කියන විදියට ඒක හරිගස්සලා ඉවර වෙන්නේ 24 වනදා. ඒ නිසා අපිට මේගාවොට් 200ක් විතර ඉන්ධනවලින් දුවන්න වෙලා තියෙනවා. අපිට සපුගස්කන්ද, කැලණිතිස්ස සහ වරායේ පාවෙන බලාගාරයට ටොන් 1,500ක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපේ ගබඩාවල තියෙන තෙල් අවසන් වුණාම තෙල් සංස්ථාවෙන් කල ඉල්ලීමකට තෙල් ටොන් 3,000ක් අපිට ලැබුණා. ඒ 3,000ත් අද හවස වෙනකොට අවසන් වෙන්න යන්නේ. ඒ නිසා අපි කල්පනා කළා විකල්ප වැඩපිළිවෙළක් හැටියට IOC සමාගමත් එක්ක කථා කරලා තෙල් ටිකක් ගන්න. කොළඹ ඉන්න IOC සමාගමේ ප්‍රධාන කළමණාකරතුමාත් සමග මමත් විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමත්, ලේකම්තුමත් සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවෙදී ඒ අය ළඟත් වැඩිපුර ඉන්ධන තොගයක් නොමැති බව දැනුම්දුන්නා. එහෙම තොගයක් තිබුණත් ඒක ත්‍රිකුණාමලයේ තියෙන්නේ, කොළඹින් ගන්න ක්‍රමක් නැහැ. ඉතින් අපි ඒ අය සමග දිර්ඝ කාලින වැඩපිළිවලක් ගැන සාකච්ඡා කරන්න තීරණය කළා. නමුත් මේ මොහොතේ ඒ අයගෙන් අපිට මේ අපේ අඩුවීම පිරිමහගන්න බැහැ. ඊට වෙනත් ප්‍රතිකර්මයක් සොයා ගත්තා. තෙල් සංස්ථාව ගෙන්වූ ඉන්ධන නැවක් තියෙනවා කොළඹ වරායේ. අපි දැන් මහ බැංකු අධිපතිතුමා සහ මුදල් අමත්‍යාංශය සමග සාකච්ඡාකරගෙන යනවා ඒ තෙල් නැව එළියට ගන්න. මහ බැංකුව කිව්වා ඒ තෙල් නැව කොහොම හරි අද පස්වරුව වෙනකොට එළියට ගන්න පුළුවන් කියලා. ඒ තෙල් නැව ගන්න පුළුවන් වුණොත් අපිට තෙල් සංස්ථාවේ සභාපතිතුමත් ඇමතිතුමත් පොරොන්දු වුණා මේ මොහොතේ අතේ තියෙන තොගවලින් තෙල් දෙන්නම් කියලා. ඒ බලාපොරොත්තුවෙන් තමයි දැන් ඉන්නේ. ඒක හම්බවුණොත් විදුලිය විසන්ධි කිරීමක් නැතුව යන්න පුළුවන්. කොහොම වුණත් හදිසි විදුලි කැපීමක් කරන්න වුණොත් ඒ කපන කාලසටහන ගැන අපි මහජනතාව දැනුවත් කරනවා .”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img