Thursday, June 11, 2026
HomeNEWSරුපියල් කෝටියකට ඇස්තමේන්තු කළ ගංජා

රුපියල් කෝටියකට ඇස්තමේන්තු කළ ගංජා

වියළි ගංජා කිලෝ 732ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18) පෙරවරු 10.40ත් පස්වරු 3.15 දක්වා අතර කාලය තුළ තණමල්විල පොලිස් වසමේ සහ හමිබෙගමුව පොලිස් වසමේ ප්‍රදේශ දෙකක සිදුකළ වැටලීම් 5කින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව එම වැටලීම්වලින් ගංජා හේන් තුනක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 25, 45, 27 සහ 30ක් වන බලංගොඩ, තණමල්විල සහ මිද්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

සොයා ගත් ගංජා වල ඇස්තමේන්තු වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතැයි සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img