Thursday, June 11, 2026
HomeNEWSවිවාහයේ නව රෙගුලාසියට එරෙහිව අධිකරණයට පෙත්සමක්

විවාහයේ නව රෙගුලාසියට එරෙහිව අධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලාංකිකයින් විසින් විදේශීය පුරවැසියන් සමග විවාහයන් සිදු කරගැනීමේ දී පනවා ඇති නව රෙගුලාසියක් බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

එවැනි විවාහයකදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිෂ්කාසන වාර්තාවක් ලබා ගතයුතු බවට එම නව රෙගුලාසිය පනවා ඇත.

නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකාව අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පිළිගෙන ඇති අයිතියක් ලෙස සෑම පුද්ගලයෙකුටම කැමති ඕනෑම පුද්ගලයකු සමග විවාහ වීමට නිදහස පවතින බවය.

තමන් ශ්‍රී ලංකාවේ විදේශීය පුරවැසි කාන්තාවක සමග විවාහ වී සිටින බවද සිය බිරිඳ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවද පෙත්සම්කරු පවසයි. 

සිය බාලවයස්කාර දරුවන් දැනට විදේශ පුරවැසියන් වන බවද පෙත්සමෙන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලාංකිකයින් හා විවාහවීමට අදහස් කරන විදේශිකයන් විවාහ ලියාපදිංචියට පෙර තම විවාහය ලියාපදිංචි කිරීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස “ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක්” ලබාගත යුතු බවට  ඉකුත් ඔක්තෝබර් මස 18 වනදා චක්‍රලේඛයක් නිකුත්  ඇති අතර මෙම රෙගුලාසිය ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙයි.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝග නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු, එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img