Friday, June 12, 2026
HomeNEWSබෝම්බ සිද්ධියේ සැකකරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

බෝම්බ සිද්ධියේ සැකකරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථානයක ජීව අත්බෝම්භයක් තිබී සොයාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ පසුවන සැකකරුවකු අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබාදුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළාය.

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී එම සැකකරු විසින් පැය එක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන් බව වාර්තාවේ.

එම පැමිණිල්ල අද පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු ආරක්ෂක අමත්‍යංශයෙන් ලබා ගත් රැඳවුම් නියෝගයකට අනුව දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවී තිබෙන බව දැනුම් දුන්නේය.

එම සැකකරු මහෙස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව දැනුම්දී ඇති හෙයින් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අමතමින් තමා ඉදිරියේ එම ප්‍රකාශය ලබා දීමට සූදානම් වන්නේ ස්වෙච්ඡාවෙන් ද එසේත් නැතිනම් කිසියම් බලපෑමක් අනුව දැයි විමසා සිටියාය.

එවැනි ප්‍රකාශයක් ලබා දුනහොත් එය තමන්ට එරෙහිව සාක්ෂි වශයෙන් යොදා ගැනීමට හැකියාව පවතින බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුට කරුණු පෙන්වා දුන්නාය.

මෙහිදී අදාළ සැකකරු සඳහන් කර සිටියේ තමන් ස්වේච්ඡාවෙන්ම එම ප්‍රකාශය ලබා දීමට ඉදිරිපත් වන බවය.

එම සැකකරු දේවස්ථානයට බෝම්බය ගෙනා ආ පුද්ගලයා බවටත් කරුණු අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img