මහරගම නගරයේ පොදු වැසිකිළිය නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් ගත් තීරණයකට අනුව අද (21) කඩා ඉවත් කිරීමට පියවර ගත්තේය.
එම අවස්ථාවේ හිටපු නගරාධිපතිනියක වන කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු තවත් පිරිසක් එම ස්ථානයට ගොස් පොදු වැසිකිළිය ඉවත් කිරීමට විරෝධය පළකර තිබුණි.
පසුව එම ස්ථානයට පැමිණි නගරාධිපතිවරයා බලහත්කාරයෙන් හිටපු නගරාධිපතිනියව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණි.






















