Tuesday, November 10, 2026
HomeNEWSතොරතුරු ලබානොදෙන රාජ්‍ය ආයතනවලට වැඩවරදී

තොරතුරු ලබානොදෙන රාජ්‍ය ආයතනවලට වැඩවරදී

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරිමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල සිදුකිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මීට පෙර එම අභියාචනා විභාග කිරීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් සිදුකෙරුණු අතර ලැබෙන පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව එය කොළඹින් පිට ප්‍රදේශවලද සිදුකිරිමට තීරණය කළ බව ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අභියාචනා විභාග කිරිමේ කටයුතු පසුගිය දා සිදුකර තිබේ.

ඉදිරි සති කිහිපය තුළදී මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙහි තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම තොරතුරු ලබානොදෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.

දැනට ලැබී ඇති අභියාචනා අතුරින් වැඩි සංඛ්‍යාවක් ප්‍රාදේශිය ලේකම් කාර්යාල, අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට සම්බන්ධ ආයතන හා සම්බන්ධයෙන් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

මීට අමතරව රජයේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ද සැලකිය යුතු අභියාචනා ප්‍රමාණයක් ලැබී ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව සඳහන් කළේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img