බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශන නිරීක්ෂණය කිරිම සඳහා නීතිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතා පත්කර තිබේ.
ඉදිරි විමර්ශන සහ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පිළිබඳව කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා යන මහත්වරුන් වෙත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙකු ඊයේ (01) දිනයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් ද ලබාදුන් “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.
එම නඩුව අද (02) යළි කැඳවීමට නියමිතය.






















